එළවළු මිල පහළට යයි නවතම ගණන් දැනුම් දෙයි.

0
97

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරනවා.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා සඳහන් කළේ, අද (06) දිකයේ එළවළු මිල විශාල වශයෙන් අඩු වි තිබුණත් අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි.

ඔහු තවදුරටත් පවසන්නේ අලෙවිය අඩු වීමට ප්‍රධානතම හේතුව වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තුළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති වීම බවයි.

අද දිනයේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝව රුපියල් 250යි, ලීක්ස් කිලෝව රුපියල් 100යි, තක්කාලි කිලෝව රුපියල් 100යි.

බීට් කිලෝව රුපියල් 100යි. මුරුංගා කිලෝව රුපියල් 80යි – 90යි, වට්ටක්කා කිලෝව රුපියල් 60 යි – 70 වැනි මිල ගණන් දක්වා අඩු වී ඇති බව ද තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here