ඔංචිල්ලාවේ සැඟවී සිටි මා#රයා කුඩා දනෝෂ්ව රැගෙන යයි

මුලතිව් – සෙම්මලෙයි ප්‍රදේශයේ දී ඔංචිල්ලාවක ලණුවක් ගෙලේ සිර වීමෙන් වයස අවුරුදු 10ක දරුවෙකු ඊයේ (20) සවස ජිවිතක්ෂයට පත් ව ඇති බව මුලතිව් – කෝකිලායි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, ඔංචිලි පදිමින් සිටි අවස්ථාවේ ලණුව ගෙලේ සිර වීමෙන් දරුවා ජිවිතක්ෂයට පත් ව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ, ප්‍රසාන්ත් දනෝෂ් නමැති දරුවෙකි.

දරුවා කඩිනමින් මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති නමුත් එහි දී ඔහු ජිවිතක්ෂයට පත් ව ඇත.

මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *