ඔන්ලයින් ක්‍රම පිළිබඳ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

එසේ වුවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *