ඔන්ලයින් පනත් කෙටුම්පත ලබන සතියේ බලාත්මක වෙයිද.?

පාර්ලිමේන්තුවේදී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබන සතියේ පළමු දින දෙක තුළ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව කථානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

පනත් කෙටුම්පත පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

කෙසේවෙතත් මේ දක්වාත් එම පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා නොමැති බැවින් එය බලාත්මකවීමක් මෙතෙක් සිදුවී නොමැත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ,

“ඕක සඳුදා නැත්නම් අඟහරුවාදා එයි. ආවාම අත්සන් කරනවා. පරක්කු නැහැ.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *