කඩදාසි නැති අධිකරණයක්..!

0
113

මෙරට සියලු අධිකරණ ඩිජිටල් තාක්ෂණයෙන් සවි බල ගැන්වීමට රජය සැලසුම් කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

මහාධිකරණ විනිසුරු සංගමයේ යෝජනාවක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කඩදාසි රහිත ඩිජිටල් තාක්ෂණයෙන් යුතු උසාවියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට සුදුසු මහාධිකරණයක් යෝජනා කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here