කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.

0
76

වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේබව දැනුම් දී තිබුණා.

පරිසර යුක්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ වෙළෙඳ සල්වලින් භාණ්ඩ ලබා ගැනීමේදී පාරිභෝගිකයන්ට ලබාදෙන සිලි සිලි කවර හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි.

එම බෑග් සඳහා යම් මුදලක් අය කළහොත් ඒවා භාවිත කිරීම සීමාවිය හැකි බවයි පෙත්සම් කරුවන් සඳහන් කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here