කාමරේ වැඩ පාර්ක් එකේ කරපු 1000ක් ගැන පැමිණිලි.

0
70

කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ මහජන පැමිණිලි ගත වූ මාස දෙක තුළදී පමණක් දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබේ.

ඒ අනුව දිනකට සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන අතර එම පැමිණිලි සම්බන්ධයෙන් එම මොහොතේදීම සොයා බලා විසඳන බවද පොලිසිය සඳහන් කරයි.

කොළඹ මහ නගර සභාව සහ පොලිසිය එක්ව මෙම සොයා බැලීම් සිදුකරන අතර එහිදී අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් වේ නම් ඔවුන් එම මොහොතේම පොලිසිය වෙත රැගෙන ගොස් අවවාද කර පිටත් කරනු ලබයි.

කෙසේ වෙතත් ගත වූ මාස දෙකට සාපේක්ෂව පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි සහ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා නොවූ බවත් ඊට හේතුව එම උද්‍යානය තුළ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කර ඒ හරහා දැනුවත් කිරීම බවත් පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here