කාලගුණ අවදානමක් ගැන දැනුම්දීමක්..!

පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස සංචාරකයන් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත.

විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ ජලය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *