කැම්පස් හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට තීරණය කරයි.

විශ්වවිද්‍යාලන් හී නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැබි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විශ්ව විද්‍යාල හී නවක වදය වැළැක්වීම උදෙසා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කළේය.

නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වාදී ඇති අතර (076-5 453 454) එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බව ඔහු පැවසුවේය. මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන පවත්වන බව ද ඔහු කීවේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *