කැරට් පස්සෙන් තක්කාලි යයි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇත.

නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතී.

මේ හේතුවෙන් තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා වැඩිවී තිබේ.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 1,350ක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වාද වැඩි වී ඇත.

එමෙන්ම, මේ දිනවල බ්රොකොලි කිලෝවක තොග මිල රුපියල් 4100 කි. බැසල් කිලෝවක තොග මිලද රුපියල් 3,100ක් දක්වා වැඩිවී තිබේ.

වගා බිම්වල අස්වැන්න විනාශවීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු සඳහා ඉල්ලුම විශාල ලෙස වැඩිවී ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *