Thu. May 29th, 2025

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළා.

ඒ අනුව හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවම් නියම කළා.