කුලියාපිටියේ සිදු වූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 20කට තුවාල

කුලියාපිටිය , හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ පාසැල් සිසුන් 20 දෙනෙකු පමණ මේවනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නිකවැරටිය සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් එලෙස පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *