කෘතිම බිත්තර නෑ – බය වෙන්න එපා.

ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම ආයතනය පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසයි.

තවද, ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට හසුනොවන ලෙසයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණිමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට ද හැකියාව නොමැති බවයි.

පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් 1977 දූරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *