කොරියන් නාට්‍ය බලන්න තහනමක්.

දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි. 

අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා 

එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන් සිය ගණනක් ඉදිරියේ එරට බලධාරීන් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය එහි දැක්වෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රූපවාහිනිය ඇතුළු දකුණු කොරියානු විනෝදාස්වාදයන් වන චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති අතර, ඒවා නරඹන පිරිසට දැඩි දඩුවම් පැනවීමටත් උතුරු කොරියාව කටයුතු කරන බවයි

දකුණු කොරියානු විනෝදාස්වාදය නැරඹීම හෝ බෙදා හැරීම තහනම් කරමින් උතුරු කොරියාව 2020 දී නීතියක් පැනවීය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *