Mon. Sep 16th, 2024

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සඳහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති අතර තරු පහේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ද තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 75ක මුදලක් ද ප්‍රකශයට පත්කර තිබේ.

තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක් ද තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 35ක මුදලක් ද තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 20ක මුදලක් ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

මෙම මිල ගණන් පැය 24ක කාලයක් සඳහා ගෙවිය යුතු අතර ඊට සේවා ගාස්තු සහ වෙනත් අදාළ බඩු සපයනු ලබන වෙනත් යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු හෝ අය කිරීම් ඇතුළත් නොවිය යුතු වේ.

මීට අමතරව නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව තරු පහේ සංචාරක හෝටලයක උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 10ක් ද දිවා ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 15ක් ද රාත්‍රී ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 17ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා උදෑසන ආහාරයට අමෙරිකානු ඩොලර් 9ක් ද දිවා ආහාරයට අමෙරිකානු ඩොල් 14ක් ද රාත්‍රී ආහාරයට අමෙරිකානු ඩොලර් 16ක් ද වශයෙන් මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *