ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 5000ක්.

0
68

මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්ථා වන අතර එම සංඛ්‍යාව එක්දහස් හත්සියයකි.

උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් එක්දහස්එකසිය අනූ හතරදෙනෙකු වාර්තා වෙයි .

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ සතියක් පුරා පැවැති දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව හෙට (16 වැනිදා) නිකුත් කළ හැකි බවය.

එය ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස තෝරාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස හැත්තෑවක ක්‍රියාත්මක විය. දින තුනකට වඩා උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍යවරු ජනතාවට දැනුම් දෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ පසුගිය හයවැනිදා (06 වැනිදා) ස්ථාපිත කළ 011- 7 966 366 දරන ක්ෂණික දුරකථන අංකයට කතාකොට පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා (සෙනසුරාදා – ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව) ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැන්වීමට ද හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here