ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය යළිත් නෑ – පොහොට්ටුව කියයි.

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය දී ජනාධිපතිවරයා බවට පත් කල නමුත් ඔහුට එම ධුරය කරගෙන යාමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

එනිසා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය ලබා දීමේ උවමනාවක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාටත් පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය නිසා බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *