Mon. Sep 16th, 2024

වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්, රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා එකරව වැඩිවීම හේතුවෙන් ජංගම දුරකථන කර්මාන්තයට දැඩි බලෑමක් එල්ල වන බවත් එමගින් සෘජු රැකියා අවස්ථා 10,000කට අධික සංඛ්‍යාවක් දැඩි අවධානමකට ලක්වී ඇති බවත් ජංගම දුරකථන සහ උපාංග ආනයනකරුවෝ දන්වා සිටිති.

මෙලෙස වැට් ඉදු වැඩිවීම නිවේදනය කිරීමට පෙර ජංගම දුරකථන ආනයනකරුවන්ගේ ගැටලු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දැනුම් දුන්නද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැතැයිද ඔවුහු පවසති.

මෙලෙස ජංගම දුරකථන හා උපාංග මිල ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ව්‍යාජ භාණ්ඩ ඉහළ ගොස් රජයට ලැබෙන බදු ආදායම අහිමි වීමේ අවදානමක් පවතින බව ජංගම දුරකථන ආනයනකරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *