ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ?

0
60

එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මෙවර අයවැයෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමය.

කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයේ දී මහ මැතිවරණය පැවැත්වුවහොත් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවද වාර්තා වේ.

එවිට හවුල් ආණ්ඩුවක් පිහිටුවන අතර එම සියලු පාර්ශවයන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ගොස් නව ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමට ද හැකියාව පවතී.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර කතාබහක් මතුව ඇති බව වාර්තා වේ.

එහෙත් මහා මැතිවරණයක් අදාළ කාලසීමාව තුළ පැවැත්වෙන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත.

මේ අතර අද (23) දිනයේ දී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යධුරය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යධුරය සංශෝධනය වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here