ජාතික අවම වැටුප වැඩිකෙරේ.

0
72

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත.

ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමටද හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද මෙහිදී නිර්දේශ කර ඇත.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් මෙම වැටුප් ඉහළදැමීම් නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here