Thu. Sep 19th, 2024

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණි.

දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණේ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, “ජයරත්න Respect Home” ස්ථානයේය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහ සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාට ආදරය කළ ප්‍රේක්ෂකයින්ද පැමිණියේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *