Sun. Sep 8th, 2024

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ.

ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 13,053ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,963 දෙනෙකු, මහනුවරින් රෝගීන් 4,976 දෙනෙකු සහ කළුතරින් ඩෙංගු රෝගීන් 3,949 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *