තරුපහේ හෝටලේ සුප් එකට ගම්මිරිස් ඇටෙන් අංචියක්.

කොළඹ තරු පහේ හෝටලයක අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ .

පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක ලබා දී ඇති අතර එහි ප්‍රමිතිය පිළිබඳ අතෘප්තිමත් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ආයතනයකින් පැමිණිල්ලක් ලැබී ඇත.

එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම සුප්වල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ .

එහිදී තහවුරු වි ඇත්තේ රාත්‍රි භෝජන සංග්‍රහයේදී සුප් සමග පිළිගන්වන ලද සුදු ගම්මිරිස්වල ගැටලුවක් ඇති බව අනාවරණය වී ඇති බවය .

හෝටල් කළමනාකාරීත්වයට මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කර ඇති බවත් ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *