තල්පිටියේ බිහිසුණු දුම්රිය සිදුවීමක්.

0
54

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය.

වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණ තිබේ.

නමුත් එක් පුද්ගලයෙක් වෑන් රථයේ සිරවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

එම පුද්ගලයා මුදාගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ සීඝ්‍රගාමී දුම්රියේ වෑන් රථය ගැටී ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here