තවත් බස් අනතුරක්. 22ක් රෝහලේ.

අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුවී තිබේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ එම අනතුර සිදුවී ඇත.

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී තිබේ.

එම අනතුරත් සමගම බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී ඇත.

එම අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 04 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූවන් බස් රථයෙන් මුදාගෙන කඩිනම් රෝහල්ගත කිරීම සඳහා කජුගම ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *