Thu. Sep 19th, 2024

තව දුරටත් ජනතාව මත නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.

මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර මෙම පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගත යුතුව පවතින බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සදහන් කර ඇත.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබේ.

ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරාගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවති අතර එහිදී ආයතන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තාවෙයි.

 රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ පැහැදිලි ලෙස රාජ්‍ය රාජ්‍ය අදායම ඉහළ නංවා ගතයුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු බවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *