Thu. Sep 19th, 2024

නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.

කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.

අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා,

“තව පැල්මක් තිබෙනවා.. ඒ කියන්නේ තව අවදානමක්. ඒකත් එන්න පුළුවන්. ඒ තත්ත්වයත් බලලා තමයි ඉදිරියේදී මාර්ග කොටස විවෘත කරන්න කටයුතු කරන්නේ.”

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බවය.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ පෙරේදා රාත්‍රියේ නායයෑමක් සිදුවුණි.

ඒ, මාතර සිට කොළඹ දෙසට රථවාහන ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්දය.

පස්කන්ද කඩාවැටීමෙන් මංතීරු හතරම සම්පූර්ණයෙන් අවහිර වූ අතර, ඉමදූව සිට පින්නදූව දක්වා ගමනාගාමනය සම්පූර්ණයෙන් නවතා දැමුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ග කොටස ජලය යොදා පිරිසිදු කරමින් පවතී.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *