දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන්න – ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දීමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ (02) වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302කින් පරාජය වූ අතර ලංකා කණ්ඩායම සිය ඉනිම සඳහා ලකුණු 55කට දැවී ගියේය.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන එය ලෙස වාර්තා පොතට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බව සිය නිවේදනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වාදෙයි.  

සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *