දොස්තරලාගේ පඩියත් ඉහල නගී.

0
109

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here