නාමල් විපක්ෂයට යයි ද?

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ ඇති බවට වාර්තා පළවෙයි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කිරීමේ අරමුණින් බවත් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ තීරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවත් , එහි දී විවිධ පරස්පර අදහස් මතු වූව ද පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ වී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා නොදීම සිටීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුතු යැයි ද ඒ පිළිබඳ කනගාටු වන බව ද පසුගිය දා අදහස් දක්වමින් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ සහ දිස්ත්‍රික් නායකයෙකු ප්‍රකාශ කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට ඒම පිළිබඳව තවදුරටත් සලකා බැලිය යුතු යැයි ද තවත් ඉතා කෙටි කලක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹිය යුතු යැයි ද මෙහිදී අදහස් ප්‍රකාශ වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *