නුවරඑළියේ උණුසුම් තත්වයක්.

නුවරඑළිය පොලිස් වසමේ විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ.

සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මරණකරු වයස අවුරුදු 33ක විජිතපුර, මාගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අධික ලෙස බීමත් ව නිවසේ සිට ඇති අතර, බිරිඳ රැකියාව නිම වී රාත්‍රියේ නිවසට පැමිණීමෙන් පසු දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී ඇති බව වාර්තා වේ.

එහි දී මරණකරු බිරිඳට පහර දී ඇති අතර, පසු ව බිරිඳ විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති බවත් මහෙස්ත්‍රාත් හා මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් සඳහන්ය.

වයස අවුරුදු 32ක සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *