නොකියා රට ගිය හෙදියට දිගටම පඩි දෙයි.

0
36

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගත වී ඇති අතර ඇය එසේ විදේශගත වන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම්දීමක් සිදු කොට නොමැති බවද වාර්තා වේ .

ඇය විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් එම හෙද නිලධාරිනියට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගිණුම් ගත වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ වී තිබේ

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගෙන් සහ මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාල ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here