පරීක්ෂා කරන්න කියා අතටගත් 25 හැවිරිදි තරුණිය ඇපල් දුරකථනය අරන් පැන යයි.

0
117

මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අයදැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් යැයි පොලීසිය පවසයි.

තරුණයා සන්තකයේ තිබී ඉල්ලා ගෙන පලා ගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇත.

මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරකලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමටගම් ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිටට පෙරේදා( 3)පැමිණ ඇතැයි පොලිසිය කියයි.

දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here