පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

0
141

ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ.

එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක් විඳීමට සිදුව ඇති අතර එය රු. බිලියන 34.37 ක් වේ. මේ අනුව 2023 මුල් භාගය තුළ මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 13.71 ක් වේ. 2022 මුල් මාස 06 තුළ විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රු. බිලියන 71.47 ක් විය.

මේ අතර විදුලිබල මණ්ඩලය මෙම කාර්තුව තුළ දී රු. බිලියන 175.62 ක ආදායමක් ලබා ඇති අතර එය 2022 වර්ෂයේ අදාළ කාර්තුවේ වාර්තා වී ඇති රු. බිලියන 60.12 ක ආදායම හා සැසඳීමේ දී 192% ක ඉහළ යාමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here