පාන් ගැසට් එකෙන් පසු බේකරි 232කට නඩු.

0
53

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය.

පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුවිය.

පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකෙරෙන බවය.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාධ්‍ය අංශයේ 
ගයාන් පළිහවඩන මහතා ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here