Mon. Sep 16th, 2024

වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු සියයට පනහකින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති.

වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින් එම මුදල් දෙමාපියන්ගෙන් අය කෙරේ.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදලද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඔවුහු කියති. මීට අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද පවසන පාසල් ප්‍රධානීහු ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට යැයි සඳහන් කරති.

ඉහළ යන ජීවන වියදම් මත සේවා ගාස්තු වැඩි කිරීමකින් තොරව පාසල්වල ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට ද නොහැකි බවත් ඔවුහු පවසති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් රුපියල් තුන්දහස් පන්සියයක්ව පැවැති පාසල් සංවර්ධන සමිති ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කිරීමට පියවරගෙන තිබේ. මෙලෙස ගාස්තු ඉහළ යැවීම සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට විරෝධයද පළ කර ඇත.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *