පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය ගත් හදිසි තීරණය.

පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා නැමති පාසල් සිසුවියකි.

මියගිය දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇති අතර, පියා විසින් පහරදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි දැරිය සාරියක් භාවිත කරමින් ගෙල වැලලාගෙන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී පොලීසියට අනාවරණය වී තිබේ.

මියගිය දැරියගේ මෘත ශරීරිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *