Mon. Sep 16th, 2024

පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන එය අපරාධමය ක්‍රියාවක් බවත් පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට රජය තීරණය කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් පිරමීඩ ජාවාරම තහනම් කර ඇති බැවින් පිරමීඩ ක්‍රමය සඳහා බලපාන්නේ අපරාධ නීතිය බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව හෙතෙම අවධාරණය කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *