පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.

ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රදේශිය කාර්‍යාලය පවසයි .

ඒ අනුව ඉන්ධනහලෙහි සියලු පොම්ප මුද්‍රා තබා CP 92-1 පොම්පය සවි කර තිබූ ප්‍රධාන පුවරුවේ (චිප්) දත්ත කාඩ්පත විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව පැවසේ.

මෙම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන සැපයීමේ දී අක්‍රමිකතාවක් සිදු වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිලි ලැබී තිබුණු අතර ඒ අනුව නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රදේශිය කළමනාකරු දොන් ප්‍රසන්න දිලිරුක් ජයසිංහ ඇතුළු නිලධාරී කණ්ඩායමක් ඊයේ(30) රාත්‍රී එම ඉන්ධන හලෙහි හදිසි වැටලීමක් සිදුකර තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *