පෙම්වතිය බෙදා ගන්න බැරුව, වෙන්ඩ නැන්දම්මලා එක්ක පෙම්වතුන් පොලිසි යයි.

17 හැවිරිදි බාල වයස්කාර දැරියක් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙහි පළමු පැමිණිල්ල දැරියගේ අලුත් පෙම්වතාගේ මව යොමු කර ඇති අතර තවත් පැමිණිල්ලක් පැරණි පෙම්වතාගේ මව විසින් ගොනු කර තිබුණා.

17 හැවිරිදි දැරිය මීට මාසයකට පමණ පෙර සිට ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති අතර ඒ අතරවාරයේ තවත් වයස අවුරුදු 18 ක පෙම්වතෙකු සමග ද ආදර සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබෙනවා.

මෙම පෙම් පළහිලව්ව ට සම්බන්ධ සිද්ධියකදී 20 හැවිරිදි පෙම්වතා රෝහල්ගත කිරීමට ද සිදු වී ඇති බව වාර්තා වනවා.

පැමිණිල්ල විභාගය සඳහා පෙම්වතුන් දෙදෙනා සහ පෙම්වතිය ගේ මව සහ අක්කා පැමිණ තිබෙනවා.

එහිදී පැරණි පෙම්වතා පවසා ඇත්තේ තමන් ආදරවන්තිය සමග සතුටින් සිටි බවත් නව පෙම්වතා ඇයව බලෙන් රැගෙන ගිය බවයි.

නව පෙම්වතාගේ පාර්ශවයෙන් පවසන්නේ ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු විසින් තමාගේ පෙම්වතිය බව පවසා රැගෙන යාමට උත්සාහ කරන බවයි.

පසුව මේ දෙදෙනාගෙන් කවුරුන් විවාහ කර ගන්නේ ද යන්න පිළිබඳව පෙම්වතිය ගැන ඇසූ විට ඇය පවසා ඇත්තේ තමාට කිසිදු පෙම්වතකු අවශ්‍ය නොවන බවත් මව සහ අක්කා සමග පදිංචි නිවසට ගොස් සුපුරුදු පරිදි ජීවත් වන බවයි.

පසුව පොලිසිය විසින් සියළු පාර්ශව වලට අවවාද කර මුදා හැර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *