බිල් ගෙවාගන්න බැරි ජනයා ඇමතිට විදුලි බිල යවයි.

නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත තැපැල් කර තිබේ.

පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බව ඔවුන් පවසයි.

එම නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහය බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.

වීඩියෝ උපුටාගැනීම – අරුණ youtube

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *