බෙලිඅත්තේ වෙ#ඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායකයාත් අවසන් ගමනේ.

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බව පොලිසිය පවසයි.

අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේම මියගිය අතර, එක් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *