මංගල සාදයේදී ම අවසන් ගමන් ගිය අයෝධ්‍යා.

මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි 28 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි.

තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි එහි ආහාර අනුභයෙන් පසු ආසාත්මිකතාවයට පත්ව තිබේ.

එසේ ආසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *