මවගේ 47 හැවිරිදි කැනඩා අ#නියම් සැමියා නිසා 15 හැවිරිදි දියණිය තුන්මස් ගැබිණියක් වෙලා.

යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) සනාථ වී තිබෙනවා.

එම දැරියගේ මව බැංකු සේවිකාවක් වන අතර ඇය විවාහ වීමට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමෙන් පසුව මොහු කැනඩාවට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කැනඩාවේ සිට යාපනයට පැමිණෙන අවස්ථාවලදී මෙම කන්තාව ඇසුරු කිරීම නිසා ඇගේ විවාහක පුරුෂයා ඒ බව දැන එම කාන්තාව අතහැර ගොස් ඇති බවද සඳහන්.

ඉන් පසුව කැනඩාවේ සිට යාපනයට පැමිණි සැකකරු දැරියගේ මව සමඟ අනියම් ඇසුරක් පවත්වමින් එම නිවසේම ජීවත් වී ඇති අතර පාසල් සිසුවියද එම නිවසේම වාසය කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මව රැකියාවට ගිය පසුව දැරිය සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමට ඔහු පුරුදු වී සිට ඇති අතර පසුගිය සතියේදී පවුලේ අය කෝවිලේ දානයකට ගොස් දිවා ආහාරය ගෙන ස්වල්ප වේලාවකදී දැරිය වමනය කරන්නට පටන් ගැනීම නිසා ඇගේ මව විසින් දැරියව රෝහල් ගත කර ඇති බවයි.

දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය තුන්මස් ගබිණියක් බව ප්‍රකාශ කොට ඇති අතර දැරියත්, අනියම් සැමියාත් ලිංගිකව හැසුරුණු බව ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ට හා දැරියගේ මවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා දැරියගේ මව පොලිසියට පැමිණිලි කර නොමැති නමුත් පේදුරුතුඩුව රෝහල් පොලිසියට වෛද්‍යවරුන් විසින් ලබාදුන් ප්‍රකාශයක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *