මහනුවර මහ නගර සභාවේ ලක්ෂ 51 ක් දියණියගේ විවාහයට රැගෙන ගිය නිළධාරිනියක් අත්අඩංගුවට.

0
87

මහනුවර මහ නගර සභාවට ලැබී තිබු මුදලක් දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරිමට රැගෙන ගිය බව කියන එහි සේවය කරන නිළධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළවයි.

එම මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබි තිබු රුපියල් ලක්ෂ 51 ක මුදලක් එළෙස රැගෙන ගොස් ඇත්තේ සරප් අංශයේ නිළධාරිණියක් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් එම නිළධාරිණිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙසැම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින එම නිළධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන්ද පරික්ෂණයක් පැවැත්වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here