මහ වැස්සෙන් පුද්ගලයින් 15,469කට පීඩා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,469ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9506 ක් පීඩාවට පත්ව සිටී. 

අයහපත් කාගුණයෙන් අර්ධ නිවාස හානි 376ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *