මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක.

අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි.

එම විදුලි උප පොළෙන් සපයන විදුලිය විසන්ධි කිරීමට සිදුවන අතර විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් හරහා විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසීය.

එම උපපොල වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *