මාතර දිස්ත්‍රික්කයේ පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන තිබිණි.

පවතින වැසි හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *