Sun. Sep 8th, 2024

රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.

භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි හාර ලක්ෂ හැත්තෑ නව දහස් නව සීයක් සහ බැඳුම්කර වෙළඳපොළෙන් කෝටි අසූ පන් දහස් පන්සීයක් වශයෙන් මෙසේ ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

මෙම ගත් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් කෝටි 46000 ක් ගෙවීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් දේශීය වෙළඳපොළෙන් එක් ලක්ෂ දෙදහසක් ණය ලබාගෙන ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.

මේ අතර අගෝස්තු මස අවසාන සතියේදී පමණක් කෝටි 35000ක ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

මේ වසරේ මුල් මාස හතේදී බිල්පත් ආදායම් නොලැබීම,රජයේ වියදම් වර්ධනයවීම සහ දිගින් දිගටම දේශීය කෙටි කාලීන ණය කල්පිරීම යන කාරණා හේතුවෙන් දේශීය වෙළඳපොළෙන් රජයට මෙසේ ණය ලබා ගැනීමට සිදුව ඇතැයි මහාචාර්යවරයා පැවැසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *