Fri. Sep 20th, 2024

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා.

ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා.

අදාළ ශල්‍යකර්මයට භාජනය වු රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඉලෝන් මස්ක් සදහන් කරන්නේ.

මෙමම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගනක වලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

ඒ හරහා සංකීර්ණ ස්නායු රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බවයි ඉලෝන් මස්ක් පවසන්නේ.

මෙම පර්යේෂණ කටයුතු සදහා වසර ගණනාවක සිට උත්සහ කළ ද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අවසර ලබානොදුන් අතර පසුගිය මැසි මාසයේ දී ඊට අවසර හිමිවුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *